මීගමුවේ කටානේ තිබෙන සංහිදියාවේ සහජීවනයේ අපුර්වත්වය සමහර දේශපාලකයින්ට ඇලජික්

බහු  විවිධ සංස්කෘතික  ලක්ෂණ ඇති පිරිස්  විවිධාකාර ආගමික  විශ්වාශ සමග දිවි ගෙවන  පිරිස් එකිනෙකා සමග විවිධා කාරයෙන්  මිශ්‍ර වීම නිසාම පටු වාද බේද වලින්  දුරස් නොවූ  ජනතාවක් ඉතාමත්  සුහදව ජිවත් වන පරිසරයක්  මිගමුවේ මෙන්ම  කටානේද දක්නට ඇත.කිතුනුවෙක්ට නෑසම්බන්ද කමක් නැති බොදුනුවකුගේ නිවසක් හෝ බොදුනුවෙකුට නෑකමක් නැති කිතුනු නිවසක්  හෝ සොයා ගැනීම නොමල ගෙයකින් අබ මිටක් හොයනවාටත් වඩා  ඉතාමත් අපහසු කාර්යකි.මේ දෙපිරිස අතර තරම් ආවහ විවාහ සිදිනොවුනත් ලංකාවේ අනෙකුත් පළාත්වලට සාපේක්ෂව මීගමුවේදී හින්දු බැතිමතුන් සහ ඉස්ලාම් බැතිමතුන්  සමගද බොදුනුවන් සහ කිතුනුවන් අතරද  විශාල ලෙස අවාහ විවාහ සිදුවී ඇත.මේ අනුව මේ පළාතේදී  වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපි ඔක්කොම නෑදෑයන්ය.

එහෙත් පටු ආකල්ප සහ අන්තවාදීව දකින සුළු පිරිසක් සහ සමහර දේශපාලකයන්ට  මෙ සන්හිදියාවේ අපුර්වත්වය ඇලජික්ය.අපි වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ගැනීමට යාමේදී ඔහුගේ හෝ ඇයගේ ජාතිය කුලය ආගම පමණක් නොව රට ගැන හොයන්නේද නැත අප හොයන්නේ ඔහු හොද . වෛද්‍යවරයෙකුද යන්න පමණි  එය ඉතාමත් හොද ලක්ෂණයකි.ව්‍යාපාරික කටයුතුවලදී සොයන්නේ ලාබය සහ සේවාවේ ගුණාත්මක බවයි.ලිංගික සම්බන්ධතා හොර රහසේ  පවත්වාගෙන යාමේදී  මෙලෝදෙයක් හොයන්නේ නැත.

පාසලකට  විදුහල් පතිවරයෙකු පත් කිරීමේදීද සොයා බැලිය යුත්තේ  ඔහු සුදුසුකම් ලත් දක්ෂ  ගුණගරුක ගුරුවරයෙකුද  කියාය.ඔහුගේ ජාතිය ආගම කුලය වැනි  සීල්ලර කරුණු මත පාසැලට හොද සේවයක් ලබාදීමට  උනන්දුවක් හැකියාවක් ඇති විදුහල් පතිවරයෙකුට ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ  හිරිහැර කරනවා නම් කකුල් මාට්ටු දමනවානම්  එය ජාතික අපරාධයකි. එය සන්හිදීයාවට සහජීවනයට එල්ලකරන මාරු පහරකි.ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ජ්‍යතන්ත්‍ර පාසල්වලට විදුහල් පතිවරයාගේ සුදුසුකම් මිස අනෙක් සිල්ලර  කරුණු  අදලනොවේ. ජ්‍යතන්ත්‍ර පාසල්වල විවිධ  ජාතිකත්ව සහ විවිධ  ආගමික විශ්වාස  ඇති විදුහල්පති වරුන් යටතේ විවිධ  ජාතිකත්ව සහ විවිධ  ආගමික විශ්වාස  ඇති දරුවන් කිසිදු ගැටුමකින් බේදයකින් තොරව ඉගෙනුම ලබන අතර එම ලම්යින්ගේ  මෙන්ම දෙමවිපියන්ගේ අතරද හොද අවබෝදයක් මෙන්ම හොද බැදීමක් ද ඇත.

මවු බසින් ඉගෙනුම ලබන බොහෝවිට දුප්පත් දෙමවු පියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල් වලට පැමිණෙන විදුහල් පතිවරයාගේ ආගම ජාතිය කුලය ආදී  අධාපනයට කිසිසේත්  සම්බන්දයක් නැති කරුණු සොයාබලන්නට නිළ සහ නිලනොවන ලෙස මැදිහත්වන දේශපාලකයන් මෙන්ම ගිහි පැවිදි  දෙපිරිසද ඇත. මේ අය මේ සිල්ලර කරුණු සදහා උනන්දු වන්නේ තම තමන්ගේ පැවත්මට මිස දුප්පත් දරුවන්ගේ සුබසිද්ධිය සදහා නම් නොවේ.

10වැලිහේන දමිල විදුහලේ ඉගෙනුම ලබන්නේ  ඉතාමත් අසරණ දරුවන් පිරිසකි. මෙහි සිටින  වර්තමාන විදුහල් පතිවරයා එම පාසැලට පැමිණීමට පෙර තිබු තත්වයට  වඩා විභාග  ප්‍රථිපල වලින් මෙන්ම පාසැලේ  ගොඩනැගිලි ආදියද  පිළිසකර කර පාසැල ඉදිරියට ගෙන එන්නට කටයුතු කර ඇත.

11එම පිලිසකර  කටයුතු සිදුකිරීම සදහා සදහා ආධාර උපකාර කල පිරිස ගෙන්වා ස්තුති කිරීමේ හමුව සදහා හිස්වසුමක් පැළද පැමිණි අයෙකු  පිළිබද වැරදි අර්ථ කතනයක් ලබාදීමටත් ඒ මගින් දැනට සිටින විදුහල් පතිවරයා මාරුකර යැවීමත් අනතුරුව වෙනත් පාසැලකට මෙහි සිටින ළමයින් ඇතුලත්කර  මෙම පාසැල වසා දැමීමත් මෙම  බොරු ප්‍රචාරයන්  ගෙනයන සමහරුන්ගේ උවමනාව වී ඇති බව අපට දැනගන්නටලැබී ඇත.

 

 

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 51 posts in අධ්‍යාපණික category
Recommended for you
සයිටම් අරගලය- අද මීගමුවේදී ජනතාව දැනුවත් කිරීමක්

මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවත් එක් ශිස්‍යකුගෙන් ලක්‍ෂ120 ක මුදලක් එනම්...



150x728


150x728