මීගමුවේ කලපුව කඩොලාන වනසන සංවර්ධනය අපට එපා පිටිපන ධිවර සංවිධානය

මිගමුව කලපු සංවර්ධන ව්‍යපෘතියෙන් සිදුකරනු ලබන පරිසර විනාශයට විරෝධය පළකරමින් ධීවරයින් විශාල පිරිසක් සහභාගිවූ උද්ගෝෂණයක් අද මිගමුව කලපුවේ කුඩා ගග අසලදී පැවැත්ව්ය. පිටිපන මීසමේ ධීවරයින් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

148

කලපු සංවර්ධන යෝජනා ක්‍රමයට මුවාවී කඩොලානත් පරිසරයත් විනාශ කරමින් කෝටි ගනනක් මහජන මුදල් වියදම් කර කලපුවේ කොටසක් ගොඩකර රථ ගාලක් සැදීම විශාල අපරාධයක් බව ධීවරයන් ප්‍රකාශකලා යෝජිත රථගාල සදහා වියදම් කරන විශාල මුදලට වඩා අඩු මිලකට ගොඩ ඉඩම් මිලදීගෙන රථ ගාලක් සැදිය හැකිබවයි විරෝධතා කරුවන් කියසිටියේය.මේ මිලගණන් අනුව ගොඩකරන පර්චස් එකක මිල මිලියන 50ක්  පමණ වියහැකි බවද විරෝධතා කරුවන් ප්‍රකශකලා.

 පරිසරය සහ ජනතාවගේ බදු මුදල් විනාශ නොකර ධීවරයින් පෙන්වාදෙන විකල්ප ක්‍රම ගැන නිලධාරීන්ගේ අවදානය යොමුකිරීමට පියවර ගන්නා ලෙස ධීවර සංගම් නියෝජිතියන් පරිසර ඇමැතිවරයාද වන ජනාධිපති තුමාගෙන් ඉල්ලාසිටියා.කලපුව සහ කඩොලාන විනාශ කර කලපුව සංවර්ධනය කිරීමටකවුරුන් හෝ ක්‍රියාකරන්නේනම් එමගින් සිදුවන්නේ කලපුව අශ්‍රිතව පාරම්පරිකව ජීවත්වන ධිවර ජනතාවගේ රැකියාව අහිමිවී ඔවුන් මහමගට වැටී අන්ත අසරණ තත්වයට පත්වීම බව අරුණ රොෂාන්ත ධිවර සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කලා.141

කඩොලාන ශාකයක අත්තක් කැපුවිට ධීවරයාට නඩුදමා දඩ ගැසීමට හෝ හිරබත් කෑමට කටයුතු කරන බලධාරින්ම වසර සිය ගණනක් පැරණි කඩොලාන විනාශ කිරීමට අද ආරක්ෂා සැලසීම කණගාටුවට කරුණක් බවත් ප්‍රදේශවාසීන් ප්‍රාකාශ කළේය.විශාල යන්ත්‍ර යොදාගනිමින් කඩොලාන ශාක පෙරලමින් අරබනලද ගොඩකිරීම් කටයුතු ධිවර විරෝධතාවය හමුවේ නවතා තිබෙනු දක්නට ලැබුණි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...