මීගමුවේ කොටුවේ පිවිසුම් දොරටුව සහ ඔරලෝසු කනුව අනාරක්ෂිතයි

79මිගමුට පැමිණෙන   සංචාරකයන් නැරබීමට යන තැන් වලින් එකකි  මීගමුවේ ඕලන්ද බලකොටුව.  විශේෂයෙන්ම ඕලන්ද ජාතිකයන්  මෙම ස්ථානය නැරබීමට කැමැත්තක් දක්වන බව සංචාරක මගපෙන්වන්නන්ගේ අදහසයි.

මෙහි එන ඕලන්ද ජාතිකයන් මෙම ස්ථානයේ පවතින තත්වය පිලිබදව කණගාටුවන බව මෙම ස්ථානයේදී හමුවූ සංචාරක මගපෙන්වන්නෙකු  ගෙන් දැනගන්නට ලැබුණි. මෙම කොටුවේ පිවිසුම ඉදිරි පිට දවසේ පැය 24 පුරාම සන්නද්ධව බන්ධනාගාරය රැකවල් කරන නිලධාරීන් සේවයේ යෙදීසිටි.එහෙත් කලකට පෙර මෙහි දකින්නට තිබු ඔරලෝසුව මෙන්ම සීනුවද අද දකින්නට නැත.

84ඔරලෝසු කණුවේ පාදමද මේවනවිට සෝදා පාලුවට  ලක්විඇත  කොටුවේ පිවිසුම් දොරටුවේ බැම්මේ කපලාරුව ගැලවීයාම  නිසා ගඩොල් මතුවී ඇත.බන්ධනාගාරයට  රැදවුම් කරුවන් බැලීමට පැමිණෙන විසාල පිරිසක් ඇතුළුවන්නේ මෙම පිවිසුමෙනි  තමන්ට නියමිත වෙලාව පැමිණෙන තෙක් රැදී සිටින්නේද මෙම අනාරක්‍ෂිත පිවිසුම ඉදිරිපිටය  මේදිනවල වැසිසමය ඇරබි ඇත. මෙම බැම්ම වැසි කාලයේ පෙගිමට ලක්වීම නිසා කඩා වැටීමේ  අවධානමක් ඇත.රැදවියන් බැලීමට පැමිණෙන පිරිස් මෙම ස්ථානයේ  රැදීසිටින වෙලාවක  මෙම අනාරක්‍ෂිත  බැම්ම පෙරළුණ හොත් ජිවිත විශාල ගනනක් හානිවීම ද සිදුවිය හැකිය.

බලධාරිනි   මේ ඔබේ අවධානය පිනිසයි85

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...