මීගමුවේ ජනප්‍රියම පාසැල් දෙකකට ළමයින් ඇතුලත්කර දෙන බවට පොරොන්දු දී ලක්ෂ ගණනකට පොලු තැබූ කාන්තාවක් අත් අඩංගුවට

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා සහ බාලක විදුහල් දෙකකට එකවසර සිට හය වසර දක්වා පංතිවලට සිසුන් පස්දෙනෙකු ඇතුලත් කරදෙන බවට පොරොන්දු වී දෙමවුපියන් ගෙන් ලක්ෂ 10 කට අධික මුදලක් වංචනිකව ලබාගත් බව කියන උතුරු කදිරාන දෙමන් හන්දිය ප්‍රදේශයේ කාන්තාවක් අප්‍රේල් මස 4 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා31දින  නියෝග කළේය .

මෙම කාන්තාව විසින්  බැංකු ගිණුම් හරහා සහ ඇය විසින් ඍජුවම දෙමවුපියන් ගෙන් මුදල්  ලබාගෙන ඇතිබැව් මුලික විමර්ශන වලදී හෙළිවී ඇත.

දෙමවුපියන් විසින් කරණ ලද පැමිණිලි පිලිබදව මිගමුව මුලස්ථානපොලිසියේ  මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතා ගේ උපදෙස් අනුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් ඩි එම් සිරිල් මහතාගේ මෙහෙයවීමෙන් මිගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ප්‍රේමලාල් විජේසුරිය සහ  පොලිස් කොස්තාපල් (56531)සරත් මහතා විමර්ශන සිදුකර සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 64 posts in අධ්‍යාපණික category
Recommended for you
කටානේ සමුර්ධිගම “නිකසල” ගමක්වෙයි

පහන් වැට ජාතික ව්‍යාපාරය” පරිසරය සුරකිමු  ජීවිතය රැකගමු” ව්‍යාපෘතිය යටතේ   නිකසල ගමක්  ( Clean Vlllage)...