මීගමුවේ ජාතික පාසැලක 1 වසරේ කුඩා දරුවන් අතට පණු බෙහෙත් පෙති පැකට් බෙදා දීලා

0
31

ඊයේ මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහජන සෞඛ්‍ය නිලධාරීන් මගින් පාසැල් වලට ලබාදෙන ලද පණු බෙහෙත්  පැකට් වල කල් ඉකුත්වන දිනය ලෙස පෙබරවාරි මාසය සදහන් වන  බවත්   එම නිසා එම බෙහෙත් ළමයින්ට දීමට දෙමවුපියන් වශයෙන් බියවන බවත් සදහන් කරමින් අපගේ මුහුණු පොතේ හිතවතෙක් එම විස්තර සහ ජයාරූප අපවෙත ඒවා තිබුණි.එමෙන්ම මෙම බෙහෙත් පෙති ඒවා තිබුනේ  1 වසරේ දරුවන් අත බවත් එසේ එවන බවට කිසිදු පුර්ව දැනුම් දීමක් එම දෙමවුපියන් වෙත කර නොතිබුනු බවද අපට දැනගත හැකි විය.බෙහෙත් ළමයින් අත එවීම බරපතල වරදක් බව අමුතුවෙන් කිවයුතු නොවන අතර මෙම අසුරුමේදසියලු බෙහෙත්  ළමයින් ගෙන් සැමවිටම ඈත් කර ගබඩාකරණ ලෙස සටහන් කර ඇත.

මෙ පිලිබදව  අප මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමාගෙන් විමසීමක් කල අතර එම බෙහෙතේ කල් ඉකුත්වීම සිදුවන දිනය පෙබරවාරි මාසයේ  28 බවත් ඒ අනුව ඒවා බියනොවී බාවිතා කල හැකිබවත් පැවසීය

එහෙත් අපට ඇති ගැටලුව වන්නේ 2013 මාර්තු මාසයේ නිපදවන ලද මෙම බෙහෙත්  වල කල් ඉකුත්වීමේ දිනය ආසන්න වනතෙක් ගබඩාකරගෙන සිටියේ කුමන හේතුවක් නිසාද  එසේ නැත්නම් කල් ඉකුත් වීමට ආසන්න බෙහෙත් ආනයනය කලාද  ?බස්නාහිර පළාත් සෞඛ්‍ය සහ අධ්‍යාපන  බලධාරිනි මේ ඔබේ අවධානය පිනිසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here