මීගමුවේ ඩෙංගු පරදමු වැඩසටහන මහා පිංකමක් – නියෝජය ඇමති නිමල් ලාන්සා

0
8

ඩෙංගු පරදමු මිගමුව සුරකිමු කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ එම වැඩ පිළිවෙලට   දායක වූ සියළු දෙනාම මහා පිංකමක කොටස් කරුවන්බව නිමල් ලාන්සා  ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව සදහන් කලේ කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ මාසයකට වැඩිකාලයක් මීගමුවේ ඩෙංගු මර්ධන වැඩසටහනේ නායකත්වය මහනගර සභාව වෙත පැවරීම සදහා නගර සභා කමිටු ශාලාවේ පැවති උත්සවයේදීය.

ඩෙංගු මර්ධන වැඩසටහන ආරම්භයේදී මෙගා වැඩසටහනක් නගර සභා අරමුදල් මිලියන තිහක වියදමක් කර සිදුකරන දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සමහරු මෙම වැඩසටහන හැදින් වූ බවත් නගර සභා අරමුදල් වලින් එපමණ මුදලක් වියදම් නොකළ අතර නගර සභා අරමුදල් වලින් වැයකලේ නගර සභාව විසින් කොහොමත් වැය කල යුතුව තිබු මුදල් බවද පැවසිය.

නගරාධිපතිවරයෙක්  පළාත් සභාවේ  අමාත්‍යවරයෙක් සහ මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වශයෙන් කට යුතුකර  අත්දැකීම් සහිත පරිනත දේශපාලකයෙකු වන තමා   ඩෙංගු වැනි මාරාන්තික උවදුරක් ඉදිරියට දමා දේශපාලන සංදර්ශන කිරීමට තරම් ආධුනිකයෙකු නොවන බවත් දිනට පැය 18 ක් 20 ක් හෝ වැඩකර බාරගත් වගකීම ඉටුකරන දේශපාලකයෙකු බව තමා ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වා ඇතිබවද සදහන් කළේය .

මිගමුව නගරයේ පොදු කානු පද්ධතියේ  නඩත්තු සහ සංවර්ධන කටයුතු සදහා තමන්ගේ මැදිහත් වීමෙන් ආපදා කටයුතු අමාත්‍යංශයෙන්  නගර සභාවට  මිලියන 10 ක ප්‍රතිපාදන වෙන්කර දුන් බවද පැවසූ නියෝජ්‍ය අමාත්‍ය වරයා සැප්තැම්බර් මාසයේ සිට  මදුරුවන් ගෙන් තොර නගරයක් වැඩසටහනේ පළමු අධියර  ඇරබීමට මේදිනවල සැලසුම් සකස්කරමින් සිටින බවද  පැවසිය.

මෙහිදී අදහස් පලකල මිගමුව කලාපිය නාහිමි සහායක රදගුරු එම්මානුවල් ප්‍රනාන්දු පියතුමා අමත්‍යවරයා ඇතුළු මෙම කාර්යට දායකවූ සියලුදෙනාටම ස්තුතිය පලකළේය.මල්වත්ත මිසම්පාලකරවින් සදසිරි පෙරේරා පියතුමාද මෙම අවස්ථාවට එක්ව සිටියාය

නගරසභාවේ පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක වරයා කල ඉදිරිපත් කිරීමට අනුව ඩෙංගු රෝගය පැතිරීම 78% ක ප්‍රතිශතයකින් අඩුවී ඈත මෙය මාස තුනකින් බලාපොරොත්තු වූ 75% ඉලක්කය ද ඉක්මවා යාමකි මෙම වැඩ පිළිවෙල අඛණ්ඩව සැලසුම් කල පරිදි දිගටම ක්‍රියාත්මක කරන බව පිළිගැනීමේ කථාව සිදුකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි.ලලිත් රණසිංහ මහතා පැවසිය.හිටපු නාගරික මන්ත්‍රීවරුන් රජ්‍යනිලධාරී නාගරික කොමසාරිස් වරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඇන්ටනි ජයවීර   හිටපු නගරාධිපති ස්තුති කතාව සිදුකරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here