මීගමුවේ ඩෙංගු මර්ධනයේ ගොන් පාර්ට්

ජනතාවගෙන්  විශාලා වශයෙන් ජන්දය ලබාගෙන ජයග්‍රහණය කරන මැති ඇමතිවරුන්ට ඊලග ජන්දයෙන් ඇපත් නැතුව ගෙදරයන්නට සිදුවූ අවස්ථා ලෝක ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේද දක්නට ඇත.

සමහර මැති ඇමැතින් බලයෙන් උද්ධාමවී එකසිය ගානට පිස්සු කෙලිම නිසා පරාජයට පත්වන්නේ තමාවිසින්ම ජනතා අප්‍රසාදය ගොඩනගා ගැනීමෙනි.තවත් පිරිසකට කෙලවෙන්නේ ගෙදර මායියා සහ දූ දරුවන්  මැඩම්ලා බේබිලා වී ජන්දය දුන් හුදී ජනයාට සේවය කිරීමට මන්ත්‍රී හාමුදුරුවන්ට ඉඩනොදී නිවසේ අත්අඩංගුවට පත්වීමෙනි.

තවත් කොටසකට වැඩේ වරදින්නේ ජංගම දුරකතනයේ සිට මහජන සම්බන්ධතා සදහා ඇතිකෙරෙන අවස්ථා  සදහා  ඇති ඉඩකඩ අහුරමින් මැති ඇමතිවරුන් ගේ  ශරීර ආරක්ෂාවට අමතරව තමන්ට අයිති නැති ගෘහසේවක කටයුතු කිරීමට පවා ඉදිරිපත් වෙමින්    තමන්ගේ වෘතිය ගෞරවය ද  කෙලෙසා ගනිමින් කටයුතුකරන ආරක්ෂකයන් නිසාය.

මේ සියලු දෙනාටම වඩා විශාල වශයෙන් ගෙදර යවන වැඩේට පාරකපන්නේ ගම්වල නගරවල සිටින සමහර ඒජන්තලාය . මේ අය ඔලුවෙන් ගතයුතු තීරණ බොක්කෙන් ගනිත්දී ඒවා නිවැරිදි කිරීමට හෝ වැලක්විමටදේශපාලකයා  ක්‍රියා නොකිරීම නිසා මුළු ගමක නගරයකජනතා කැමැත්ත සම්පුර්ණයෙන්ම චකබ්ලාස් වීමට ඉඩ ඇත.

බොහෝ දේශපාලකයන්ට මේ අඩුපාඩු තේරුම් යන්නේ බලය නැති වූ පසුවය.මේ අටුවා ටීකා ටිප්පනි ලියුවේ මිගමුව නගරයේ කිහිප පොලක එල්ලා තිබු බැනරයක් පිලිබදව හුදිජනයා කල විග්ගරහ නිසාය.

මීගමුවේ   ඩෙංගු  අධිවසංගත තත්වයකට පත්වඇත එයින් ගොඩ ඒම සදහා පක්ෂ පාට බේදයකින් තොරව සටනක් අරභා ඇත.ඒ සදහා නායකත්වය කාගේද වැඩේ වෙන්නේ කොහොමද මුද්ල් කාගේද යනාදී සියලු කාරනා විද්‍යුත් සහ මුද්‍රිත ව   ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්වේ .

එම නිසා තැන තැන බැනර් එල්ලා කිසිවෙකුට සුභපැතුම් හෝ ස්තිතු කිර්ම් අවශ්‍ය නැත. මෙවැනි කටයුතුවලින් ඩෙංගු මර්ධන කටයුතු වලට සතපහක උදවුවක් නොලැබෙන අතර අනවශ්‍ය ගැටළු පැනනැගී වැඩේ හබක්විමටද ඉඩ ඇත.නැත්නම් අඩන්නට සිටිනඑකාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වැනි අදබාල ක්‍රියාවක් වීමටද පුළුවන.

මේවා එල්ලන්නේ දේශපාලකයා ගේ අනුමැතියකින් තොරව වියහැකිය.ඔහුනොදැන වියයුතුය.එහෙත් එය දැනගත් පසු ඒවා ඉවත් කිරීමත් යලි එවැනිදේ නොකරන ලෙස උපදෙස් දීමත් දේශපාලකයාගේ යුතුකමකි.  මේ අවස්ථාවේදී බැනර් කටවුට් පෝස්ටර් වලින් කලයුත්තේ ඩෙංගු මර්ධනය සදහා ජනතාව දැනුවත් කිරීම බව ඔවුන්ට දන්නුම් දිය යුතුය.ඒවාට කාගෙවත් මුහුණත් තහඩු නම්ගම් අවශ්‍ය නැති බවද පැහැදිලිව කිව යුතුය.

තමන්  පටු වාසි බලාපොරොත්තු   නැතිව  සැබෑ ලෙසම ජනතාවට ආදරය කරනවානම් මේ බැනර් එල්ලන අය යම් දේශපාලකයෙකුට සැබෑලෙස ආදරය කරනවනම් කලයුතු එකම දෙය ඩෙංගු වලින් දේශපාලන වශයෙන් ගොඩ යාමට ට්‍රයි නොකර ඩෙංගු මර්ධනය සදහා සක්‍රීයව දායක වීමයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 6 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...



150x728


150x728