මීගමුවේ බස් ත්‍රීරෝද වර්ජනය මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් පොලිසියෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

728x150

වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින් දෙසැම්බර්  2දින මීගමුවේ පැවති විරෝධ තාවයෙදී  අයුතු ජනරාශීය,පොදුදේපලවලට හානිකිරිම, පොලිසියේ රාජකාරිවලට බාධාකිරීම,  පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීම යන චෝදනා යටතේ  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  ගම්පහ දිස්ත්‍රික් පුද්ගලික බස් සංගමයේ සබාපති මදුරගේ ලැම්බට් ඇතුළු  23 දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කල මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔවුන් තව දුරටත්  දෙසැම්බර් මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මීගමුවේ පැවති උද්ඝෝෂණය සංවිධානාත්මකව මෙහෙයවා ඇත්තේ ජා ඇල උදම්මිට පදිංචි ආනන්ද හරිස්චන්ද්‍ර සහ මිගමුව කුරණ පදිංචි ලලන්ත ගුණසේකර යන  පළාත් සභා මන්ත්‍රී වරුන් දෙදෙනා විසින් බව  විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මිගමුව මුලස්ථාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතා 16 දින අධිකරණය හමුවේ පැවසීය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 105 posts in දේශපාලනය category
Recommended for you
මීගමුවේ පිරවුම්හල් බොහොමයක පෙට්‍රල් තොග අවසන්

ඛනිජතෙල් සේවක වර්ජනය හේතුවෙන් දෛනිකව ලැබියයුතු ඉන්ධන තොග නොලැබීම නිසාඅද සවස 5.30 වනවිට  මිගමුව නගරයේ...