මීගමුවේ මදුරුවන් වනසන්න රොයිස් නිමල් ලාන්සා එක් වෙයි

0
7

මිගමුව මහරෝහලෙන් නිකුත්කර ඇති නිල සංඛ්‍යා ලේඛන අනුව ජුනි 26 දින වන විට ඩෙංගු රෝගීන් 1432 ක් රෝහල් ගතවී ඇත. එමරෝගින් අතුරින්  8 දෙනෙකු මියගොස් ඇත.2013  ජුනි මාසයේ වාර්තාවී ඇති රෝගීන් ගණන 117 ක් වන අතර මරණ වාර්තාවී නැත.

2013  වසරේ  දත්තයන් සමග 2017 වසරේ දත්තයන් සැසදීමේදී රෝගීන්ගේ වැඩි වීම 100% ත් ඉක්මවා යන අතර මරණ අනුපාතයයේ ඉතා විශාල වැඩිවීම දක්නට ඇත.

2013 වසරේ රෝහල් ගතවූ ඩෙංගු රෝගීන්ගෙන් 23 % මීගමුව නගර සභා බල ප්‍රදේශයේ රෝගීන්ය.එම ප්‍රතිශතය 2017  ජුනි වනවිට 50% දක්වා ඉහල ගොස් ඇත.මේ අනුව මිගමුව නගර සභා බල ප්‍රදේශය තුල මදුරුවන් බෝවීම වැලක් වීම සදහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල අසාර්ථක වී ඇති බව පෙනෙන්නට ඇත.එම නිසා මිගමුව මදුරුවන් ගෙන් තොර නගරයක්  කිරීමේ වැඩ සටහනක්ක්‍රියාත්මක කිරීමට  කිසිදු බෙදීමකින් තොරව අත්වැල් බැදගමු  යැයි නිමල් ලාන්සා නියෝජය අමාත්‍ය වරයා ඉල්ලීමක් කළේය.

නියෝජය අමාත්‍ය වරයා  මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (27) දින උදැසන මිගමුව නගර සභාවේ පැවති.මාස තුනකින් ඩෙංගු වලින් තොර මිගමුවක්  වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුමක්  පිළියෙළ කරගැනීම සදහා පැවති සකච්චාවේදීය.

මෙම සාකච්චාවට කිසිදු දේශපාලන බෙදීමකින්  තොරව මිගමුව සංවර්ධන කමිටුවේ සම සභා පතිවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී වරයාද ලලිත් ටෙන්සිල්  මිගමුව ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායක වරයා ඇතුළු  මීගමුවේ සියලු දේශපාලන පක්ෂවල සංවිධායක වරුන් මෙන්ම නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් ද සහභාගී විය.මිගමු නගරයේ ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සදහා සකස් කරන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා සහයදීමට ඔවුන් සියලුදෙනාම එකග  විය.

රෝහල අධ්‍යක්ෂක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාගරික කොමසරිස් වරයා ඇතළු කාර්ය මණ්ඩලයේ නියෝජිතයන්  පොලිසිය මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ද මෙම විශේෂ සාකච්චාවට සහ භාගිවිය.සහභිවූ සියලු දෙනාගේ අදහස් යෝජනා සැලකිල්ලට ගෙන ඇතිකරගත්  එකගතාවය මතසකස්කළ මුලික සැලැස්ම සදහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කිරීම සදහා කමිටු කිහිපයක් පිහිටුවාගත් අතර නගර සභාවේ නාගරික ඩෙංගු මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීමටද තීරණය විය.

රොයිස් විජිත ප්‍රනාන්දු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී වරයා සහ ලලිත් ටෙන්සිල්  මිගමුව ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායක වරයා ද මෙම කටයුත්ත  අගයමින කතාකළ අතර මාස තුනකින් ඩෙංගු වලින් තොර මිගමුවක්  වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රියාකාරිව සහයෝගය ලබාදෙන බවද පැවසිය

එම් සකාවුල්ලා සහ සාෆි රහීම්  යන  බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ද  මෙම අවස්ථාවට සහබාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here