මීගමුවේ මවුවරු සහ දියණියෝ නිහඩ විරෝධයක

0
15

අද උදැසන මිගමුව අධිකරණ සංකීර්ණය අසල නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ලක්බිමේ මවුවරු සහ දියණියෝ නැමති සංවිධානයක් විසිනි.සංවිධාන හයක් සහ පුද්ගලයන් 15 ක් එකතුවී මෙම සංවිධානය ගොඩනගාගෙන ඇතැයි මීගමුවෙන්  එම සංවිධානයට නායකත්වය දෙන ප්‍රදීපා මහත්මිය පැවසිය.

1989 සිට මෙම ව්‍යාපාරය පිඩාවට පත්වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනීසිටින බව ප්‍රකාශ කල ඇය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අතවරයට පිඩාවට පත්වන කාන්තාවන්ට අවශ්‍ය නීතිඥ සහාය ඇතුළු සියලු උපකාර තම සංවිධානය මගින් ලබාදෙන බවද ප්‍රකාශ කළේය.උපකාර අවශ්‍ය අයට 0722340118 දුරකතනයෙන් ප්‍රදීපා මහත්මිය ඇමතිය හැකිය.

සරත් ඉද්දමල්ගොඩ ටෙරන්ස් ප්‍රනාන්දු යන පියතුමන් දෙදෙනා ක්‍රිස්ටීන් සහ රසිකා යන කන්‍යා සොහොයුරියන් සමග කාන්තා ක්‍රියාකාරීන් පිරිසක්ද  විරෝධතාවයට එක්වී සිටිඅතර විරෝධතාවයෙන් පසු ප්‍රදීපා මහත්මිය විසින් පැමිණ සිටි පිරිස අමතන අයුරු ජයාරුපයෙන් දැක්වේ.

මෙයට මාස කිහිපයකට පෙර දළුව කොටුව ජනපද මාවතේ නිවසක් තුලදී කෝටිපති උලුමෝල් හිමි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකල බව කියන ස්ත්‍රී දුෂණයක් පිළිබදව නඩුවක් අද දිනයේ කැදවනු ලැබූ අතර එම වින්ධිත කාන්තාව ගේ අයතිවාසිකම් වෙනුවෙන් තම සංවිධානය මගින් නීතිඥ එච් ඒ සෙනෙවිරත්න මහතාගේ සේවය ලබාදී ඇති බවද ප්‍රදීපා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here