මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාව දායක වන්නේ ඩෙංගු මර්ධනයටද වර්ධනයට ද ?

0
6

මීගමුවේ ඩෙංගු මර්ධන කටයුතු සදහා ව්‍යාපාරික ප්‍රජාවලබාදෙන සහයෝගය ඉතාමත්ම අල්පබව පෙනෙන්ට ඇත.එදිනෙදා ජීවත්වීම සදහා සුළු මුදලක් සොයාගැනීම සදහා වෙහෙසෙන පෙට්ටි කඩයේ සිට මහා පරිමාණයෙන් ලාබලබන සුපිරි වෙළදසැල් බැංකු වැනි ආයතනද අඩුම තරමින් තමන්ගේ ආයතනය ඉදිරිපිට කාණුවේ ඇති ෂොපින් බෑගය පොලිතින් කැබැල්ලවත් දිනපතා  එකතුකර පිරිසිදු කරන බවක් පෙනෙන්නට නැත.අඩුම තරමින් තමන්ගේ ගොඩනැගිල්ලේ වැහි පීලිවල ගස් පැල වෙන්නේ ඒවායේ වතුර රැදෙන නිසා බව හිතන්ට වත් අවශ්‍ය දැනුම මේ අයට නැත. . එසේ නැත්නම් ලාන්සලා රොයිස්ලා ටෙන්සිල්ලා  එකතුවෙලා ඔය කොරාදැයි අහන්ට හිතාගෙන මේ  මදුරු මර්ධන වැඩසටහනට  දායකනොවී මිනිස්සු ඩෙංගු හැදී මැරුණත් අපට මොකදැයි හිතාගෙන සිටිනවා වන්නටද පුළුවන.

ගෙදරක වතුර පොල්කට්ටක මදුරු කිටයෙක් දුටුවිට නඩුපවරන බලධාරීන්ටද මේවා පෙනෙන්නේ නැත.නැත්නම කාපුජරාව නිසා ඔවුන්ට විරුද්ධව නඩු දැමීම කෙසේ වෙතත් අඩුම ගන්නේ රතු නිවේදනයක් හෝ දෙන්නට නොහැකිවී වීම සමහර විට මේ තත්වයට හේතුවිය හැකිය..

මේ කාරණා කිසිවක් තමන්ගේ දොරකඩ ඇති යෝගට් කෝප්පයේ පොලිතින් කැබැල්ලේ උපදින ඩෙංගු මදුරුවාට අදාල නැත ඌ තිරිසන් සතෙකි එමනිසා  ඌට කලගුණනැත  තමන්ට උපදින්නට ජිවත් වන්නට ඉඩදෙමින් පරිසරය අපිරිසිදු කිරීමට දායකවූ  අයට මෙන්ම පරිසරය අපවිත්‍ර කලවුන්ට නිතිය ක්‍රියාත්මක නොකළ බලධාරීන්ට නිලධාරීන්ට සහ  ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද දෂ්ට කරනු ඇත.එවිට දින ගණන් රෝහල් වල දුක්විදීමට මුදල් වියදම් කිරීමට සහ තවත් බරපතල ඛේදවාචකයන්ට මුහුණ දීමටද සිදුවිහැකිය.එම නිසා මෙම මදුරු මර්ධන කටයුතු සදහා කලයුතු තමාගේ යුතුකම් කොටස ඉටුනොකරන අය සිදුකරන්නේ තමාගේ වල තමන් විසින්ම කපාගෙන තවත් අයටද වලවල් කැපීමකි.

ලංකා බැංකුව 

ආර්පිකෝ සුපර් මාර්කට් ගැලිසන් මාවත

 


ලාෆ් සුපර් මාර්කට් ඉදිරිපිට

සම්පත් බැංකුව අසල

 

තෙල්වත්ත හන්දිය පුඩ්සිටි අසල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here