මීගමුවේ සම්බාහන ආයතන වලින් 99 % ක් නීති විරෝධී බව හෙළිවේ

මිගමුව නගරය අශ්‍රිතව පවත්වාගෙන ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන  ආයුර්වේද සම්බාහන ආයතන ආයුර්වේද ස්පා ආයතන යනාදී  ආයුර්වේද යන නම යොදාගෙන පවත්වාගෙනයන සියලු සම්බාහන ආයතන පවත්වාගෙන යන්නේ නීති විරෝධිව බව හෙළිවේ .

මෙම තොරතුරු හෙළිදරවු වුයේ මීගමුවේ සම්බාහන ආයතන හිමිකරුවන් දැනුවත් කිරීම සදහා මිගමුව පොලිස් අධිකාරී කාර්යාලය මගින් සංවිධානය කරතිබූ  සම්මන්ත්‍රණ යකදීය.මෙම සම්මන්ත්‍රණය මිගමුව මුලස්ථාන පොලිසියේ සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදැසන පැවැත්විණි.

මෙම අවස්ථාවට මිගමුව කොට්ටාශයේ  පොලිස් ස්ථානාධිපති වරුන්  සහ සම්බාහන ආයතන හිමිකරුවන් පිරිසක්ද සහබාගි විය.මෙම සම්මන්ත්‍රණයේදී හෙළිවූ තොරතුරු අනුව 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 10 වන වගන්තිය යටතේ කලයුතු ලියාපදිංචිය මෙම ආයතන විසින් ලබාගෙන නැති බව අනාවරණය විය.

එම ලියාපදිංචිය ලබාගැනීම සදහා තෙරපිවරුන් සහ තෙරපිවරියන් ආයුර්වේද දෙපර්තමෙන්තුවේ අනුමත ආයතනයකින් පුහුණුවක් ලබාගෙන තිබිය යුතුය අතර ආයුර්වේද වෛද්‍යසභාවේ ලියාපදිංචි  උපාධිධාරී වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කිරීම ඇතුළු .අතර තවත් කරුණු රැසක් සම්පුර්ණ කලයුතුය. මෙම සම්මන්ත්‍රණයේ දී හෙළිවූ කරුණු අනුව 2017 වර්ෂය සදහා ලියාපදිංචිය සදහා අද දින(14) වන ව්ටත් මීගමුවේ අයදුම්පත්   හෝ ඉදිරිපත් කර ඇති ආයතන ගණන  හතරක් පමණි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ  ශිල්පිය අංශයේ කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය එස් පි කුබුරේගෙදර ආයුර්වේද වෛද්‍ය මාධවී පෙරේරා (නීති අංශය) මිගමුව දිස්ත්‍රික් මහා රෝහලේ සමාජ රෝග පිළිබද ඒකකයේ විශේෂඥය වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි යන වෛද්‍යවරියන් මෙම සම්මන්ත්‍රණයේ සම්පත් දායකයන් ලෙස කටයුතු කල අතර  පැමිණ සිටි සම්භාහන ආයතන හිමිකරුවන්ද ලියාපදිංචිය පිලිබදව ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කරනු දක්නට ලැබුණි.  

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 64 posts in අධ්‍යාපණික category
Recommended for you
කටානේ සමුර්ධිගම “නිකසල” ගමක්වෙයි

පහන් වැට ජාතික ව්‍යාපාරය” පරිසරය සුරකිමු  ජීවිතය රැකගමු” ව්‍යාපෘතිය යටතේ   නිකසල ගමක්  ( Clean Vlllage)...