මීගමුවේ සිරකරුවන් පලාගියේ තාප්පය සිදුරු කරලා

මිගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරුකර  සිරකරුවන් පිරිසක් පලා යාම  පිලිබදව මිගමුව මුලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත

අද අලුයම 1.30ට පමණ  මෙසේ පලාගොස් ඇත්තේ යාපනය වත්තල නාවලපිටිය කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන තරුණ රැදවියන්  හතර දෙනෙකි. විවිධ අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර  සිට ඇති.මින් එක් සැකකරුවෙකුට  මිනීමැරීමේ චෝදනාවක් එල්ලවූ අයෙකු බවද වාර්තාවේ. මොවුන් බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පයේ අඩි එකහමාරක් පමණ සිදුරක් සකස්කරගෙන පලාගොස්ඇත.

මෙසේ පලාගොස් ඇත්තේ චතුර මදුශංක( 25 )විපුල සුරංග මුණසිංහ( 19) පි  ජයකුමර් නොහොත් රොෂාන්(26)මොහමඩ් නවුපර්  තවුපික් මොහමඩ් නෂීම් (26 ) යන සිරකරුවන්ය මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් අනුව ලලිත් රෝහණ,  ගමගේ ජයන්ත අතුකෝරාල  වයි, ජේ ආර් යු රිෆාඩ් යන සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණයෙන් මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතා  ඇතුළු නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...