මුදල් නොගෙවා බලය පෙන්වා මසාජ් කරගන්න මීගමු ආ පුත්තලමේ අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක රිමාන්ඩ්

මිගමුව තෙල්වත්ත හංදිය ආසන්නයේ පිහිටි ආයුර්වේද මධ්‍යස්ථානයකින් නොමිලේ මසාජ් ලබාගත් බව කියන  උප පොලිස් පරීක්‍ෂක වරයෙකුපෙබවාරි මාස 6 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්රුචිර වැලිවත්ත මහතා අද දින නියෝගකළේය

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලද සැකකරු වුයේ පුත්තලම කොට්ටශයේ දුෂනමර්ධන ඒකකයේ උපපොලිස් පරීක්‍ෂක වරයෙකි. මොහු දෙදරු පියෙකු වන 35 ස් හැවරදි විවාහකයෙකි.

රජයේ සේවකයෙකු වශයෙන් සේවය කරමින් මසාජ් ආයතනයකට බලෙන් ඇතුළුවී බලෙන් මසාජ් කරවා ගැනීම ඔහුට එරෙහි චෝදනාවයි . එම ආයතනයේ හිමිකරු සහ සේවක පිරිස විසින්   විසින් අල්ලාගෙන පැමිණ සැකකරු මිගමුව  පොලිසිය වෙත බාරදී ඇත.

මේ පිළිබද විමර්ශන කටයුතු මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතගේ සහ සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේ මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතා විසින් මෙහෙයවා ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728