මුහුදින් ඔස්ට්‍රේලියාවට ගුවනින් පිටුවහල් කටුනායකදී මාංචු

0
9

නිත්‍යානුකූල නොවන තොටුපොලකින් හෝ වරායක් නොවන ස්ථානයකින් බහුදින යාත්‍රාවකින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව වෙත ගමන්කර එරටට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහකල පුද්ගලයන්පිරිසක්  එරට වෙරලාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවල් කර ඇත.

එම පිරිස ඊයේ විශේෂ ගුවන්යානයක්  මගින් ඕස්ට්‍රේලියාවේ සිට  එරට ආගමන විගමන  නිලධාරීන් විසින් ආරක්ෂක රැකවල් සහිතව රැගෙනවිත් ශ්‍රීලංකාවට බාරදී ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට මුදලින් රුපියල් 10000/=මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගල ඇපමත මුදාහරින ලෙස නියෝගකර ඇත.

උඩප්පුවේ එම් මනෝරංජන්  සහ ආර් රාජකන් නම්, ත්‍රිකුණාමලයේ සෙල්යියා සදිස්වරම්  ඩි වික්‍රමරත්න සහ ඩි විෂාන්  වාලචිචියනේ එලියතම්බි ගුනමුර්ති මීගමුවේ ටි සසිකුමාර්. ඇන්ටන් ආනන්ද.සහ යු එල් ලක්ෂාන්  රාජ ගයන්   මඩකලපුවේ චාවකච්චේරියේ යෝගලිංගම් වාසුදසන්, දික්වැල්ලේ මොහමඩ් මුක්තාර් නජිම් යන සැකකරුවන්ටමේසේ ඇප නියමවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here