මේ හොර විශේෂඥ වෛද්‍ය ගැටකරුට ඔබත් අසු වුනාද ?…………..

728x150

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රගපාමින් ලක්ෂ ගණන් විවිධ පුද්ගලයින්ගෙන් වංචා කරමින් අති සුඛෝපබෝගි ලෙස ජිවිතය ගත කල වංචනිකෙයෙකු කටුනායක පොලිසිය විසින් ඉකුත් 12 දින අත් අඩංගුවට ගෙන ඇත
20160513_140735මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො 117/ජි 1 රොයල් පාක් බටහිර බලගල්ල දිවුලපිටිය පදිංචි රාජපක්ෂ ගෙදර උපාලි රත්නායක 43 විශේෂඥ වෛද්‍ය වරයෙකුයැයි කියා ගන්නා පුද්ගලයෙකුය.
මෙම පුද්ගලයා තම රථයෙන් විවිධ ව්‍යපාරික ස්ථාන වෙත ගොස් එම ස්ථානවල සිටින අය සමග දැඩි ලෙස කුළුපග වි ඔවුන්ගේ විස්වාසය දිනාගෙන ව්‍යපාරිකයින්ගේ සේවය ඉතා ඉහල ලෙස ලබාගෙන එම ස්ථාන වලින් විවිධ ක‍්‍රම භාවිතා කරමින් මුදල් චෙක්පත් හා වටිනා උපකරණ වංචනිකව සොරා ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
දැවමොටිටාව පීල්ලවත්ත ප‍්‍රදේශයේ රථ වාහන අලූත් වැඩියා කරන ස්ථානයකදි වෛද්‍ය වරයෙකුයැයි කියා ගන්නාමෙම පුද්ගලයාගේ රථය අලූත් වැඩියා ගන්නා අතරේ රථ වාහන අලූත් වැඩියා කරන කාර්මිකයා සහ එහි අනිකුත් සේවකයින් ඇතුළු අයිතිකරු සමගද කොළඔ ජාතික රෝහලේ දෙවැනියා හැටියට සේවය කරන බව පවසා ඇත.මේ නිසා සේවකයාන්ගේ ඉහල ගෞරවයට පාත‍්‍ර වී ඇත .මොහු වාහන අලූත් වැඩියා කරන ස්ථානයේ කාර්යාලයේ හා මුදල් කවුන්ටරයේ නිතරම ගැවසීම සිදු කර ඇති අතර එසේ සිටින අතරතුර කවුන්ටරයෙන් මුදල් ද සමහර අවස්ථාවලදී එහි තිබෙන චෙක් පත්ද කිසිවෙකුටත් තොතේරෙන අයුරින් මොහු සොරා ගෙන ඇත. බැංකු ගත කිරිමට තබා ඇති මුදල් තොගයක් නැතිවිම සම්බන්දයෙන් එහි සවිකර ඇති සී සී ටි කැමරා පරික්ෂාවට භාජනය කිරිෙමිදී මොහු එය මුදල් සොරා ගන්නා අයරු කැමරාවේ සටහන් වි නිබුනු අයුරු දුටු ගරාජ් හිමිකරු මේ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු කටුනායකපොලිසිය විසින් මොහු අත් අඩංගුවට ගෙන ඇත.20160513_140735-(1)
මෝටර් රථයේ වීදුරුවේ වෛද්‍යවරු භාවිතා කරන ස්ටිකර් ද අලවා තිබී ඇත මෙම වංචාවට ඔබත් අසුවි ඇත්නම් ඒ පිලිබදව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්නලෙස පොලිසිය ඔබෙන් ඉල්ලා සිටියි.
මිගමුව කොටිඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අෙබිවික‍්‍රම මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ලූෂන් සුරිය බංඩාර කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක පි‍්‍රයන්ත ඒකතායක අපරාධ අංශයේ ස්ථානාධිපති පො ප සමන් පි‍්‍රයංක මගගේ උ පො ප පේ‍්‍රමසුන්දර උ පො ප නුවන් තාරක පො සැ 57899 දිසානායක පො කො 37928 වන්නිනායක කා පො කො 2417 ශානිකා පෙරේරා යන තිළධාරින් මෙම වැටලීම සදහා සහභාගි විය.   සැකකරු 13 දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මිගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රත් රුචිර වැලිවත්ත මහතා නියොග කලේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...