යතුරුපැදිවල යන කාන්තාවන්ගේ රන්මාල කඩන කුඩන් කොටුවෙයි

0
10

යතුරු පැදියකින් ගමන් කරමින් යතුරුපැදි වල තනිව ගමන්කරන කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කඩන තිදෙනෙකුගේ කල්ලියක් මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී කටාන ,දන්කොටුව ,කොස්වත්ත මාරවිල වෙන්නප්පුව යන පොලිස් බල ප්‍රදේශවල සිදුකල රන්මාල කොල්ලකෑම් හතක් පිලිබදව තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී ඇත

මොවුන්දෙදෙනාගෙන් ලද තොරතුරු අනුව කොල්ලකෑම් සදහා යොදාගත් ඩියෝ වර්ගයේ යතුරුපැදිය සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.කොචිකඩේ සහ දන්කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මොවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් බවවිමර්ශන වලදී අනාවරණය වී ඇති අතර . මංකොල්ල කනලද රන්බඩු කොචිචිකඩේ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැල්වලට විකුණා සහ උකස්කර මුදල් ලබාගෙන ඇත මේවනවිට මංකොල්ල කනලද පවුම් හතරහමාරක පමණ  රන් භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන තිබේ

මොවුන් විසින් විමර්ශන වලදී කර ඇති ප්‍රකාශ අනුව මාල කඩාගෙන ඇති ස්ථාන වන්නේ කොස්වත්ත පොලිස්වසමේ තලාව පාරේ පන්සල ඉදිරිපිටදී සහ හාල්දඩුවනපල්ලියඉදිරිපිට ඇති හතරමං හන්දියේදී කොල්ලකා ඇති රන්මාල ගණන දෙකකි  ,මාරවිල පොලිස්ව්සමේ තුන්මෝදර පාලම පසුකරනවිට වම්පැත්තට ඇති මාවිල පාරේදී සහ නාත්තන්ඩිය මාර්ගයෙන් ඇති මාවිල් මර්ගයෙදිද රන්මාල දෙකක් කොල්ලකා ඇත.කටාන පොලිස් වසමේ අක්කර පනහ සසෙක්ස් පාසැල අසලදීද මොවුන් විසින් කාන්තාවකගේ ගෙල බැදී රන්මාලයක්කොල්ලකා ඇත.මෙම කොල්ල කෑම් වලට මුහුණදී ඇති අයට මිගමුව මුලස්ථාන පොලිසියට පැමිණ අයිතිය සහඅනන්‍යතාවය තහවුරුකර රන්භාණ්ඩ සදහා ඉදිරිපත්  විය හැකිය.

ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිගමුව මුලස්ථාන පොලිසියට අද දින බාරදීමට නියමිතය. මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් පරිදිසහකාර පොලිස් අධිකාරී 1 ලලිත් රෝහණ ගමගේ මහතා ගේ අධීක්ෂණය යටතේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක ගිහාන් මනෝහර මහතාගේ මෙහෙයවීමෙන්  පොලිස් සැරයන් වරුන් වන 63188 රාවුෆ් 25902 ධර්මප්‍රිය7000 චන්දන සමග පොලිස් කොස්තාපල්වරුන් වන 49370 චින්තක 67229 අමල් 86671 චමත් සහ පොලිස් රියදුරු 15248 ජයසේකර යන  නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here