රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ දේහය කාන්තාවන් දෙදෙනෙකු ඉල්ලා සිටි

ජාඇල ප්‍රදේශයේ හෝටලයකට ඇතුළුවී ගිනිඅවියක් පෙන්වා බියවැද්ධිමක්  කලබවට චෝදනාලැබ රක්ෂිත බන්ධනාගාර ගතකරසිටි පොලිස් පරික්ෂක වරයෙක් හදිසියේ ඇතිවූ හෘදයා බාදයක් නිසා 21 දින රාත්‍රී මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 22/1 ඇරවුවල පාර පන්නිපිටිය ලිපිනයේ  පදිංචි කරුවෙකු වූ මල්ලවආරච්චිගේ දොන් සුසිල් මල්ලවආරච්චි(54) නමැති අයෙකි.

මිගමුව වැඩබලන  මහේස්ත්‍රාත් දයා විමල් ද මේල් මහතා විසින් මෙම මරණය පිළිබද මුලික විමර්ශය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනලෙස නියෝග කර ඇත.මෙම මරණය හදිසියේ ඇතිවූ හෘදයා බාදයක් නිසා  සිදුවී ඇති බව මිගමුව   දිස්ත්‍රික්  මහා රෝහලේ  සහකාර අධිකරණ වෛද්‍යනිලධාරී වබ්.එස්. එන් ප්‍රනාන්දු මහතා  පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙදී අනාවරණය වී ඇත.

මොහුගේ මරණය සැලවීමත් සමග කාන්තාවන් දෙදෙනෙක් මෘතදේහය සදහා අයිති වාසිකම් කීමට ඉදිරිපත් වී ඇත.එම දෙදෙනාගෙන්   එක්  අයෙකු  මියගිය අය තම ස්වාමි පුරුෂයා  බව  විවාහ සහතිකය ඉදිරිපත් කරමින් සනාථ කර ඇත.

මේඅනුව මියගිය අයගේ විවාහක බිරිද  වන පුර්නිමා ශිරෝමි ගුණසේකර යන අයට මෘතදේහය බාරදෙන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් දයා විමල් ද මේල් මහතා විසින් පොලිසියට නියෝග කර ඇත

මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ජී.එම්.දයානන්ද(58531 )මහතා මේ පිළිබද විමර්ශන කටයුතු සිදුකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 29 posts in ගොසිප් category
Recommended for you
ඩෙංගු වලින් මනාප එකතුකරන හාල් පාරු දේසපාලුවෝ

මිගමුව මහරෝහලට  දවසේ පැය විසිහතර පුරාම ඩෙංගු රෝගීන් ඇතුලත් කර ගනු ලබන අතර  මේ වනවිට...