රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදාගන්න තවමත් අපට බැරිවුනා තවම අපි ඉගෙන ගන්නේ යටත් විජිත අධ්‍යාපනයයි කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි

0
25

උගන්වනවා  යනුවෙන් අදහස් කරන්නේ පුර්ණ පවුර්ශවයෙන් යුක්ත පුද්ගලයෙක්   සමාජයට ලබාදීමයි නැත්නම් අංග සම්පුර්ණ මනුෂ්‍යයෙකු බිහිකිරීමයි මෙය ගුරු බවතුන් තේරුම් ගතයුතුයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම මාහිමියන් මෙමෙ අදහස් ප්‍රකාශ කලේ මිගමුව කටාන ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කල දහම් පාසැල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කල පුහුණු දිනදෙකක  සැසියේ අවසන පැවති සහතික පත් බෙදදීමේ උත්සවයේ මුලසුනේ දෙසුම පවත්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පුර්ණ මිනිසෙකු අධ්‍යාපනය තුලින් බිහිකිරීමට ගුරුවරුන් විසින් දරුවාට දැනුම ලබාදීම දරුවා තුල ආකල්ප ගොඩනැගීම කුසලතා වර්ධනයකිරිම කලයුතුයි

නිදහස ලබා වසර 70 වකට ආසන්නකාලයක් ගත උවත් අප තවමත් ඉගෙන ගන්නේ යටත් විජිත පාලකයන් අපට හදුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය බවද අපට අපේ රටට  සමාජයට අවශ්‍ය පරිදි අධ්‍යාපන ක්‍රමයක් හදාගන්න තවමත් නොහැකි වී ඇතිබවද නාහිමියන් ප්‍රකාශ කළා.

බෙදී තිබුරට අන්තිමවරට එක්සේසත් කලේ මහින්ද රාජපක්‍ෂ මහතා බවද ප්‍රකාශ කල කුසල ධම්ම මාහිමියන් අතීතයේ රටට අවශ්‍ය පුද්ගලයන් බිහිකළේ පන්සලෙන් බවද   රජකෙනෙකු වශයෙන් මෙරටට එක්සේසත් කරමින් රටට  විශාල සේවාවක් කල කෝට්ටේ රජකල 6 වන පරාක්‍රමබාහු රජතුමා ද කලක් විදාගම නාහිමියන්ට උපකාර කරමින් උන්වහන්සේගේ ඇසුරේ පන්සලේ කලක් නතරවී සිටිබවද ප්‍රකාශ කළේය

මෙම උත්සව සභාව ඇමතු   අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා  අපේ මේ පුංචි රට අතීතයේ දී හැදින්වුයේ දහම් දිවයින ලෙසයි ලංකාවට පැමිණි ආක්‍රමණිකයන්ට මෙරට යටත් කරගන්නට නොහැකිවීමට බලපානලද ප්‍රධාන කරුනුදෙක වුයේ ලාංකිකයා පන්සල සමග තිබු ගමයි පන්සලයි බැදීම සහ පන්සිල් රැකීමයි. ලන්දේසි පෘතුගීසිඉංග්‍රීසි ආක්‍රමිනිකයන්  පමණක් නොව දකුණු ඉන්දියානු ආක්‍රමිකයන්ද  ගමයි පන්සලයි අතර තිබු සම්බන්දය විනාසකිරිම සදහා නොයෙකුත් කුමන්ත්‍රණ කළබවත් මලබාර් දේශයෙන් පැමිණි නායක්කර් වංශිකයන් ගේකුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස සිංහලේ අන්තිම රජු තෙවැනි සිල්පදය බිදිමින් කටයුතු කරණ තැනට පත් වූ බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය. . ජෝන් ඩොයිල් උපාය ශිලිව රාජසිංහ රජතුමා මත් පැනට යොමු කර උඩරට රාජධානිය අල්ලා ගත් බවද අපේරට ආක්‍රමණයකල හැමවිටකම ආක්‍රමණිකයා පාලක යා හෝ ජනතාව පංචශීලප්‍රතිපතියෙන් ආත්කල බවද ඇමතිවරයා සිහිපත් කළේය .වරින්වර පැමිණි කැරලි පිලිබදව අධ්‍යන කල බ්‍රිතාන්‍ය පාලකයන් 1911 සුරාබදු පණත ගෙනවිත්  වසරක් යනවිට ලංකාවේ සුරාසැල්1072 ක් ආරම්භ කර  පිරිමින් මතින් නිර්වින්ධනය කර බෙලහීන ජාතියක් කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළබවද අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය

අද අපේ රටේ උගතුන් ඇතත් බුද්ධිමතුන් හිගවී ඇතිබවද අපට දහම අවශ්‍ය වී ඇත්තේ උගත් බුද්ධි මතුන් බිහිකිරීමට බවද  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සදහන් කළේය.

බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාද මේ අවස්ථාවට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here