රටබඩු ගෙනගිය වාහනයත් රාජසන්තකයි

නිති විරොධි ලෙස විදේශිය මත් පැන් බෝතල් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී මිගමුව කොචිචකඩේ ප‍්‍රදේශයේදි සුඛෝපභෝගී වැන් රථයක් සමග පුද්ගලයෙකු. කොළඔ සුරාබදු මෙහෙයුම් ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපොල කේන්ද්‍ර කර ගනිමින් සංවිධානාත්මක ලෙස කරගෙන ගිය බදු රහිතව විදේශිය මත් පැන් ගුවන් තොටුපලින්. පිටකර අලවි කිරීමේ ජාවාරම් රාශියක් මෙම ඒකකය විසින් පසුගිය කාලය තුල අත් අඩංගුවට ගෙන ඇත. මෙම විදේශිය මත් පැන් බෝතල් තොගය කුලියාපිටිය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කර අඩු මුදලට අලවි කිරිමට කටයුතු කර තිබු බව කරන ලද පරික්ෂන වලදී හෙලිවි ඇත. බව සුරා බදු අධිකාරිි (විශේෂ මෙහෙයුම්)රෝහාන් විජේරත්න මහතා ප‍්‍රකාශ කලේය.29

මෙම සැකකරු හා වැන් රථය ඉකුත් 26 දින මිගමුව මහේස්ත‍්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා වෙත ඉදිරිපත් කර චෝදනා ගොණු කිරිමෙන් පසුව මත්පැන් සදහා රුපියල් දස දහසක දඩයක් හා වැන් රථය තිනි විරෝධි කි‍්‍රයාවක යෙදවිම නිසා අමතර රුපියල් පනස් දහසක දඩ මුදලක්ද අදාල වාහනය අයිතිකරු විසින්ම නිතී විරෝධි කටයුතු සදහා යොදා ගෙන තැබිම හේතුවෙන් අදාල රථය රාජසන්තක කරන ලෙසද මහෙස්ත‍්‍රාත් වරයා නියොග කලේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...