රාත්‍රී කාලයේ යතුරු පැදිකරුවන් රවටා සිදුවට ගෙනගොස් සුද්දකල සෙවුවන්දි ඇතුළු කල්ලිය රිමාන්ඩ්

0
5

ජේත්තුවට  හැදපැලද  රාත්‍රී කාලයේ    මහා මාර්ගය තනිව ගමන් ගන්නා යතුරු පැදිකරුවන් නවත්වා එම යතුරු පැදී කරුවන්ගෙන් උදවුවක් ලෙස  සිදුව ප්‍රදේශයට ගමන් පහසුව  ලබාදෙන ලෙස ඉලිමක්කර අදාල ස්ථානදී තවත් තරුණයින් පිරිසක් සමග එකතුවී  යතුරු පැදි කරුවන්ට පහරදී  ඔවුන්  සතු ජංගම දුරකථන මුදල් පැහැරගැනීම සිදුකල කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක්  සිදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

රද්දොළුවේ ඒ එච් නුවන් සහ කොටගල පී  ප්‍රදීප් කුමාර යන අය විසින් කරණ ලද පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත .

මෙසේ සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ සිදුව මුකලන් ගමුවේ කේ යු.දොන් නිලන්ති සෙව්වන්දි නමැති කාන්තාව සහ ඊ එම සුරංජන්,පී .ඒ කුසල් සංජීව කේ.ඒ හර්ෂ තාරක එම රුවන් ලහිරු පෙරේරා යන සැකකරුවන් පස්දෙනෙකි.

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජි .ගුණදාස මහතා හමුවට පැමිණවූ මෙම සැකකරුවන් මාර්තු මාස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස නියෝග කළේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here