ලංකාවේ අපට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ රාත්‍රී 9.20 සිට

0
11

අද නිකිණි පුර පසලොස්වක පොහොය දිනයයි දළදා සහ කතරගම අවසන් රන් දෝලි පෙරහැර අද දින  පැවැත්වේ.   මේ අතරේකොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාට අනුව    ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල ජනතාවට  අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව අද(8) රාත්‍රියේ උදාවේ  යුරෝපය හා අප්‍රිකාවටද මෙම චන්ද්‍රග්‍රහණය දැකගැනීමට හැකියාව ඇත.

ජයරත්න මහතා ප්‍රකාශ කරන පරිදි මෙම  අර්ධ චන්ද්‍රග්‍රහණය අද  රාත්‍රී 9.20 ට පමණ අරඹ වී හෙට(9) අලුයම 2.21 යට පමණ වන විට අවසන් වේ ශ්‍රී ලංකාවාසීන්ට  ලබන වසරේ ජනවාරි 31 හා ජූලි 27 දිනවල පූර්ණ චන්ද්‍රග්‍රහණය දෙකක්  දැක ගැනීමට අවස්ථාව ලැබෙනු  ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here