ලක්ෂ ගණනින් මුදල් දී නවසීලන්තයට බෝට්ටුවෙන් යන්න ගිය මඩකලපුවේ තුනක් ඇතුළු නමයක් මීගමුවේදී අත්අඩංගුවට

728x150

නීති නිරෝධිව මිගමුව වෙරළ තිරය ඔස්සේ මුහුදු මගින් නවසීලන්තය බලා යාමට සුදානම්ව සිටි  පුද්ගලයන් නවදෙනෙකු මිගමුව නිතිය බලගැන්වීමේ කොට්ටාශය විසින්  මිගමුව කදිරාන ව්න්සන්ට් පාර්ක් හි නිවසක සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව මාරවිල සහ හලාවත පදිංචි කරුවන් හය දෙනෙකු සහ මඩකලපුවේ පදිංචි දමිල ජාතිකයන් තිදෙනකු මෙම පිරිසට අයත් වන අතර ඔවුන් අවුරුදු 20 ත් 40 ත් අතර වයස් කාණ්ඩ වල පසුවෙයි

මිගමුව කොට්ටාසයේ බුද්ධි අංශයට ලැබුණු තොරතරු  අනුව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා විසින් සැලසුම් කල මෙම මෙහෙයුම සහකාර පොලිස් අධිකාරී ලලත් රෝහණ ගමගේ මහතා ගේ අධීක්ෂණය යටතේ නිතිය බලගැන්වීමේ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතා විසින් මෙහෙයවා ඇත.

මෙම පුද්ගලයන් සමග මුහුදු ගමනේදී ප්‍රයෝජනයට ගැනීම සදහා රැගෙන යාමට සුදානම් කරතිබු වියලි අහාර තොගයක් ගෑස් ටැංකි ගෑස් ලිප් ආදිය සමග මෙම නීති විරෝධී  ගමන සදහා අවශ්‍ය කටයුතු සදහා භාවිතා කල ත්‍රීරෝද රථයක් ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් කර ඇති විමර්ශන වලට අනුව  දකුණු මුහුදු තිරයේ සිට පැමිණෙන බහුදින යාත්‍රාවකට  මෙම පිරිස මුහුදේදී බාරදීමට සැලසුම් කර තිබෙන්නට හැකිබවට පොලිසිය සැකකරයි.

මෙම ගමන සදහා එක් අයෙකුගෙන් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඇති අතර සැලසුම් කරුවන මාරවිල පදිංචි කරුවෙකු වන නිශාන්ත මෙන්ඩිස් නැමැත්තා මෙවැනිමිනිස් ජාවාරම් සදහා වන නඩු කිහිපයක සැකකරු වෙකි.

ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා  සැකකරුවන් සහ නඩු භාණ්ඩ කටාන පොලිස් ස්ථානයට බාරදී ඇත.

නිතිය බලගැන්වීමේ කොට්ටාශයයේ සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්, එච්.එම.චන්දන,  ඩි පෙරේරාත්  අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 601 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව මහා නගර සභාව තොරතුරු නිලධාරිනියක් පත්කරයි.

අප වෙබ් අඩවියමගින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 24 (1) වගන්තිය යටතේ 2017...