ලක්‍ෂ දහයක මත්කුඩු සමග දළුපොත රොකි අත්අඩංගුවට

0
2263

මිගමුව නගරයේ සහ දළුපොත මුන්නක්කරය අක්කරපනහ  අදී  ගම්වලට මත්කුඩු බෙදා හරන පුද්ගලයෙකු සහ ඔහුගේ සහචරයන් දෙදෙනෙකු  ලක්ෂ දහයක පමණ වෙළද පොළ වටිනාකමක් ඇති මත්කුඩු මිලිග්‍රෑම් 10700 ක් සමග මිගමුව කොට්ට්ෂ දුෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක  උදය කුමාර වුට්ලර් මහතාට  ලැබුණු තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් අනුව කොට්ට්ෂ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රුපසේන සහ ආධුනික උපපොලිස් පරීක්ෂක චාරක රසිදු  යන නිලධාරීන් ගේ මෙහෙයවීමෙන් සිදුකල වැටලීමකදී මෙම කුඩු ජාවාරම් කරුවන් පිරිස 21 දින සවස 6.00 ට පමණ දළුපොත බුලුගහ හන්දිය අසලදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත

.ප්‍රධාන සැකකරු සන්තකයේ මත්කුඩු මිලිග්‍රෑම් 5600 ක් තිබී ඇති අතර සැකකරු  මෙම මත්කුඩු ප්‍රවාහනය කර ඇත්තේ  අධෝමාර්ගය තුල සගවාගෙනය.සැකකරු සමග ඔහු ගමන්කළ නවීන පන්නයේ යතරු පැදියද අත් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා සන්තකයේ මත් කුඩු මිලිග්‍රෑම් 5100 ක් තිබී ඇත.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් වන්නේ දළුපොත රොකි (30) ජපන් ගීත්(32)  සහ කොණ්ඩා ගීත් (29)යන අන්වර්ථ නාමවලින් හදුන්වන තිදෙනෙකි.

පොලිස් සැරයන් විජයවර්ධන 45810 පොලිස් කොස්තාපල්වරුන් වන සෙනවිරත්න 60490 අබේවික්‍රම 63353 සහ සම්පත් 82068 යන පොලිස් නිලධාරින්ද මෙම  වැටලීම  සදහා සහභාගිවී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here