ලක්‍ෂ 12 ක කේරළ ගංජා සමග කුරනදී අසුවූ සැකකරු මීගමුවට තොගවශයෙන් කේරල ගංජා ප්‍රවාහනය කරන කණ්ඩායමක සාමාජිකයෙක්ද පොලිසියෙන් පුළුල් විමර්ශන

0
34

මිගමුවකොට්ටාස විෂ මත්ද්‍රව්‍ය නාශකඅංශය විසින් අලවිකිරිම සදහා රැගෙනආ ලක්ෂ 12 ක් පමණ වටිනා  කේරල ගංජා කිලෝග්‍රෑම් හතරක් සමග පුද්ගලයෙකු  මිගමුව කුරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ කටුනායක නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි දමින්ද රණසුරිය (31)නමැති අයෙකි.

ශ්‍රීලංකා නාවික හමුදාවේ කැලණිය කදවුරෙන් ලබාදුන් තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ  උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී ලලත් රෝහණ ගමගේ මහතා අධීක්ෂණයෙන් මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීමෙන්   මිගමුවකොට්ටාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආනන්ද හේරත් මහතා සමග පොලිස් කොස්තාපල් වරුන් වන ඩි.එන්.සෙනවිරත්න (60490)කමල් ප්‍රියන්ත (35426 )විසින් මෙම වැටලීම සිදුකර ඇත.

වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතයි.වැටලීම කල නිලධාරීන් විසින් කේරල ගංජා තොගය පරික්ෂා කරනු ජයාරුපයෙන් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here