ලදු කැලයක දිවිගෙවූ දරුපවුලට කටාන පොලිසියේ සෙනෙහස ඔබටත් සෙනෙහසට දායකවන්න අවස්ථාවක්

 දෙල්ගස් හන්දිය බටහිර කලුවාරිප්පුවේ  ඇලක්  අයිනේ  ලදු කැලයක ජීවත්වූ  දෙමවු පියන් ඇතුළු හත් දෙනෙකු ගෙන් යුත් දරුපවුලක් පිළිබද ශෝචනීය පුවතක් ඊයේ කටාන පොලිස් ස්ථානයෙන් වාර්තා විය .කටාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  කාන්තා  උප පොලිස් පරීක්‍ෂක එස්.ඒ.ඩි.ඒ. සමන් මලී මහත්මිය  සමග එමකර්යංශයේ  නිලධාරීන් පිරිසක්  අදාල ස්ථානය පරික්ෂා කිරීමේදී  මෙම පිරිස හමු විඇත.

84ආහාර හිගකම මෙන්ම ඇදුම් පැළදුම්ද  කිලිටිවී ,ශරීරයේ තුවාල සැදී සිටි  මෙමපිරිස අතර  පිළිවෙලින් වයස අවුරුදු 17 ක වැඩිමහල් දියණිය වයස අවුරුදු 14 ක වැඩිමල් පුතා සහ වයස 9ය සහ 7ක් වන පුතුන් දෙදෙනාද වයස අවුරුදු 2 කයි මාස හයක් වන කුඩා දියණියක් ද විය .ඔවුන් ප්‍රකාශ කළපරිදි  දරුවන්ගේ පියාට වයස 51ක් වන අතර මවට වයස තිස් හතරකි .

කටාන පොලිස් ස්ථානයට රැගෙන ආ මෙම පිරිසට අවශ්‍ය  ඇදුම් පැළදුම් සහ ආහාර පානපොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්  ලබාදීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කළේය.අධිකරණ නියෝගය අනුව වැඩිමහල් ගැහැණු දරුවා  නිසල දිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් , වැඩිමහල් පිරිමි දරුවන් තිදෙනා බි එස් ජයවර්දන ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත්, යොමු කර  කුඩා දරුවා බැදුම්කරයක් මත  මවට බාර දී ඇත.මෙම මවගේමව දරුවන්ගේ ආචිචි අම්මා විසින් ඔවුන් රැගෙන යනු දක්නට ලැබුණි .ඇයටද දීර්ග කාලීනව ඔවුන් බල හදා ගැනීමට හැකියාවක් නොමැති බවඇය හා කල කතා බහේදී අපටඅනාවරණය විය  කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් සේනාරත්න  මහතාගේ උපදෙස් පරිදි  එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  කාන්තා  උප පොලිස් පරීක්‍ෂක එස්.ඒ.ඩි.ඒ. සමන් මලී මහත්මිය සහ පොලිස් කොස්තාපල්  දිලීප නුවන් කුලරත්න මහතා  සමග එන්.ඒ.එච්.ඩබ්.එස් ප්‍රියංග මහතාද මෙම රාජකාරි  කටයුතු සදහා දායක විය.

මෙම දරුවන් ගේ පියාගේ කකුලක් කැඩී ඇති අතර ඔහුට බර වැඩ කිරීමේ හැකියාවක් නැත දැනට මෙම පවුලේ සාමාජිකයන්ට ස්ථාන තුනක ජිවත් වීමට සිදුවී ඇත. මොවුන් යලි එක් තැන් කර ළමයින් පාසැල් යවා  උදවු උපකාර කිරීමට කැමති පුගලයන් හෝ සංවිධානයකට ඒ සදහා  දායක වීමට කැමතිනම් කටාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිඅතර  අපගේ විද්‍යුත් තැපෑලට දැන්වීමෙන් හෝ දුරකථනයෙන්  අප ඇමතීමෙන් ද  ඔබට මෙම සද්කාර්යට දායක විය හැකිය .

.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728