වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින්දෙසැම්බර් 2 මිගමුව ගල්කන්ද හන්දියේ දෙසැම්බර් විරෝධයේදී රිමාන්ඩ් වූ 25 ටම ඇප

වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින් මිගමුව ගල්කන්ද හන්දියේ දෙසැම්බර්  2 දින පැවති විරෝධ තාවයෙදී  අයුතු ජනරාශීය,පොදුදේපලවලට හානිකිරිම, පොලිසියේ රාජකාරිවලට බාධාකිරීම,  පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීම යන චෝදනා යටතේ  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  ගම්පහ දිස්ත්‍රික් පුද්ගලික බස් සංගමයේ සබාපති මදුරගේ ලැම්බට් ඇතුළු  23 දෙනාට  සහ ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන  බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී වරුන් දෙදෙනා ට දැඩි ඇප කොන්දේසි මත ඇප ලබාදීමට  මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

සෑම  සැකකරුවෙකුටම  රුපියල් දසදහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලඇප දෙක බැගින් නියමවූ අතර සෑම මසකම අවසන් ඉරුදින මිගමුව පොලිස් ස්ථානයේ පෙනී සිටීමද ඇප කොන්දේසිකි

මෙම නියෝගය ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවුර්ත අධිකරණය හමුවේ  පැවසුවේ උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇතත් ඒ මගින් මහජන පිඩාවක් සිදු නොවියයුතු බවයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 134 posts in දේශපාලනය category
Recommended for you
අද උදේ අටේ සිට රජයේ වෛද්‍යවරු පිරිසක් වර්ජනයක

ඊයේ විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...