විස්වාශ බංග යෝජනාවට පක්ෂව ඒජාපෙ පිරිසක් ජන්දයදෙන්න සුදානම් -නිමල් ලාන්සා

0
9

රවී කරුණානායක අමාත්‍යවරයාට විරුද්ධව  ඉදිරිපත්කර ඇති බැදුම්කර සිද්ධියට අදා ල විස්වාශ බංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය සමග  පක්ෂව ජන්දය දීමට ආණ්ඩුව නියෝජනය කරන  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොව එක්සත් ජාතික පෙරෙමුණේ  මන්ත්‍රීවරු පිරිසක් ද සිටිනබව ස්වදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නියෝජය අමාත්‍යවරයා මේබව සදහන් කලේ ඩෙංගු මරණ කිහිපයක් වාර්තාවූ මිගමුව කටුවපිටිය  ප්‍රදේශයේ ඩෙංගු මර්ධන කටයුතුසදහා ආශීර්වාද ලබා ගැනීම සදහා කටුවපිටිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට පැමිණ සිටි අවස්ථාවේ  මාධ්‍යවේදීන් බැදුම්කර සිද්ධිය සහ විස්වාස බංගයෝජනාව පිලිබදව නියෝජය අමාත්‍ය වරයාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදීය.

බැදුම්කර වංචාව නිසා මෙරට විශාල ආර්ථික අගාදයකට ඇද වැටුනු බවත් සේවක අර්ථසාධක අරමුදලට පමණක් මෙම මංකොල්ලය නිසා බිලියන නමයක පමණ පාඩුවක් සිදුවුබවත් මෙය මෙරටේ වැඩ කරන ජනතාවගේ දාඩිය මහන්සිය කිහිප දෙනෙකු විසින් පික්පොකට් ගැසූ අවස්ථාවක් බව ද නියෝජය අමාත්‍ය වරයා  ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නිමල් ලාන්සා නියෝජය අමාත්‍යවරයා බැදුම්කර වංචාව පිලිබදව අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු බවද මෙම වංචාව පිළිබද තොරතුරු හෙළිදරවු වන ජනාධිපති කොමිසම පත්කළේද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින්බවද සිහිපත් කළේය.

මෙම මෙම වංචාවට විශාල පිරිසක් ඇතිබවද  සම්බන්ද බවද කොමිසම මගින් ඔවුන්  එළිදරවු වෙමින් පවතින බවද සදහන් කල අමාත්‍ය වරයා ඔවුන් සියළු දෙනාට නීතිමගින් දඩුවම් කලයුතු බවද වංචාකර ඇති පොදුජනතාවට අයත් මුදල් යලි මහා භාණ්ඩා ගාරයට ලබා ගතයුතුබවද සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here