සති බුද්ධ ශික්ෂා නිකේතනයේ නොමිලේ පවත්වන විදේශ භාෂා පාඨමාලා යලි අරබයි

0
31

විදේශ ධර්ම දුත සේවාවේ යෙදෙමින් ථෙරවාද  බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම සදහා ඉංග්‍රීසි බසින් සහ  වෙනත් භාෂා වලින්   බුදුදහම උගැන්වීමසදහා  අවශ්‍ය දැනුමින්  පිරී භික්ෂූන් වහසේලා බිහිකිරීමේ අරමුණින් මහාචාර්ය කාක්කා පල්ලියේ අනුරුද්ධ නාහිමියන් විසින් ආරම්බකර පවත්වාගෙන ගිය සති බුද්ධ  ශික්ෂා නිකේතනයේ කටයුතු යම් යම් පරිපාලන ගැටළු නිසා  උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු වසර කිහිපයක් නතරවී තිබුණි .

අනුරුද්ධ නාහිමියන් බලාපොරොත්තු වූ  පරමාර්ථය ඉටුකිරීමේ අරමුණින් සාමනේර භික්ෂූන් වහසේලා සදහා ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුතු සති බවුද්ධ ශික්ෂා පදනමේ භාරකාර මණ්ඩලය විසින් 2017 ජනවාරි මස  7 වන සෙනසුරාදා සිට යලි ආරම්භ කළේය  .මෙම අවස්ථාවට එම පදනමේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගිවිය.

සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම පාඨමාලා සදහන්  අනුග්‍රහය දක්වන්නේ  හොන්කොන්හි මුන්චු පදනමයි .සාමණේර ස්වාමීන්වහන්සේලා15නමක්  සහ ප්‍රදේශයේ දරුවන් 25 දෙනෙකු පළමු කණ්ඩායම ලෙස බදවාගෙන ඇත.

මෙම පාඨමාලා පිළිබද වැඩි දුර තොරතුරු 48/82 අසිරි පෙදෙස උඩුපිල දෙල්ගොඩ යන ලිපිනයෙන් සහ 0777030014සහ 0332258756 යන දුරකථන මගින් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here