සැප්තැම්බර් වනවිට ජාතික ආණ්ඩුවේ පලුවක් ගැලවේ

0
7

ජාතික ආණ්ඩුවේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින්   අමාත්‍ය, රාජ්‍යඅමාත්‍ය , සහ නියෝජ්‍ය අමාත්‍යය තනතුරු දරන පිරිස මේවනවිට මතවාදී වශයෙන් කොටස් තුනකට බෙදි සිටින බව අපගේ දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.ඉන් එක් කණ්ඩායමක මතයවී ඇත්තේ 2020 වනතෙක් ජාතික ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි .

තවත් කණ්ඩායමක අදහස ශ්‍රීලංකා නිදනස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග ඇති එකගතා  ගිවිසුමේ කාලය අවසන් වූ වහාම ඇමති  තනතුරු අතහැර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට වන අතර අනෙක් කණ්ඩායමේ අදහස වන්නේ එකගතාවය අවසන්වී මාස කිහිපයක් තනතුරු වලින් ඉවත් නොවී කල් බැලීමටය.

කෙසේ වෙතත් සැප්තැම්බර් මාසදී දෙවන කණ්ඩායමට අයත් වන 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here