සිදුවේ මදුරු කීටයන් වගාකළ 15 දෙනෙකුට 85000 ක් දඩ තුනකට වරෙන්තු

0
5

සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ  නිවාස පරික්ෂාවේදී මදුරුකිටයන් සහිත ස්ථාන හමුවූ පරිශ්‍රහිමි කරුවන්  පහළොස් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් අසුපන්දහසක දඩ මුදලක් නියමකර ඇත.

මෙසේ දඩ නියමකරන ලද්දේ සිදුව කොටුගොඩ රද්දොළුගම යන  මහජන සෞඛ්‍ය පරීක්ෂක බලප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකටය.

මෙම පිරිස අතර කාන්තාවන් පස්දෙනෙකු සිවිල් ඉංජිනේරුවරයෙකු පොලිස් පරීක්ෂක වරයෙකු බව කියන පුද්ගලයෙකු ද සිටි බවත් එදින අධිකරණයට නොපැමිණි තිදෙනෙකුට වරන්තු නිකුත්කල බවත්  මෙම පැමිණිලි වෙනුවෙන් පෙනීසිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන සුරේෂ් කුමාර (සිදුව )ඩිහාන් අප්පුහාමි (රද්දොළුගම )දුෂ්යන්ත ප්‍රභාස්වර (සිදුව ) යසන්ත රත්නායක (කොයුගොඩ ) මහත්වරුන් පැවසිය.

මේවන විට සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ  පරීක්ෂාකළ  නිවාස හයදහසකින් හාරසිය පනස් දෙකකට රතු නිවේදන නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here