සිසුවාගේ කණට ගැසූ ගුරුවරයා ඇප මත මුදා හරි -නඩුව සමථ මණ්ඩලයට

0
50

මීගමුවේ ප්‍රසිද්ධ ජාතික පාසැලක 6 වන වසරේ ඉගෙනුම ලබන 11 හැවරදී පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්දියක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කල විද්‍යා ගුරුවරයා රුපියල් 25000 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා විසින් නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදාහරින ලද්දේ කොටදෙනියාවේ පදිංචි  එම පාසලේ භොතික විද්‍යා ගුරුවරයෙකි. මෙම නඩුව සමථ මණ්ඩලය වෙත යොමුකරන ලෙස නියෝගකර ඇති වැඩබලන මහේස්ත්‍රාත්තුමා වැඩිදුර විමසීම 2018 ජනවාරි මස 29 දිනට නියම කර ඇත.

මිගමුව මුලස්ථාන   පොලිසියේ  ස්ථානධිපති   ප්‍රධාන පරීක්ෂක උදය කුමාර වුල්ට්ර් මහතාගේ උපදෙස් පරිදිපොලිස් සැරයන් එච් එම් ජිනදාස 49246 මහතා  පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේය

සබැදි පුවත් http://negombotoday.lk/සිසුවෙකුගේ-කණ-පැලූ-මීගමු/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here