හලාවත අධිකරණයට ගෙනගිය සැකකරු මිගමුව බන්ධනාගාරයටආපසු එද්දී ගුදමාර්ගයේ හෙරොයින්

728x150

අත් බෝම්බයක් ලග තබාගැනීමේ චෝදනාවක් මත  හලාවත අධිකරණයේ  පවතින නඩුවකට   රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෙකුගේ ගුද මාර්ගයේ සගවාගෙන තිබුණු හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 330 ක් සොයාගෙන ඇත.

ප්‍රියන්ත සංජය නමැති සැකකරු මිගමුව බන්ධනාගාර යේ සිට හලාවත අධිකරණය වෙත ගෙනගොස් ඇත. ආපසු මිගමුව බන්ධනාගාරය වෙත ගෙන එන  මොහු  මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බන්ධනාගාර නිලධාරීන්ට  තොරතුරක් ලැබී ඇත. මිගමුව බන්ධනාගාර රෝහලේදී  කරනලද පරීක්ෂාවකදී  මෙම හෙරොයින් සොයා ගැනීම සිදුකර ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ජේ ඩි ඒ රූපසේන මහතා විසින් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...