මිගමුව රෝහලේ නේවාසික රෝගීන්ගෙන් බහුතරයකට ඩෙංගු

මිගමුව දිස්ත්‍රික් මහරෝහල මේවනවිට ක්‍රමයෙන් සම්පුර්ණයෙන්ම උණ රෝහලක් බවට පත්වෙමින් ඇත.රෝහල් ගතවන  රෝගීන්ට අවශ්‍ය මුලික පහසුකම් ලබාදීමේ  බරපතල ගැටලුවකට රෝහල මුහුණ දී ඇත.මේවන විට ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපර්තමෙන්තුව ද ස්වේච්ඡා සංවිධානද   රෝහලේ කාර්ය මණ්ඩලයේ උදවුවට පැමිණ තිබේ

අලුතින්  වෛද්‍යවරු සහ අනකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලරෝහලට අනුයුක්ත කිරීම් සිදුවෙමින් ඇත.මෙසේ තාවකාලිකව පැමිණෙන අයට නවාතැන් පහසුකම්  ලබාදීම සදහා සුදුසු  ස්ථාන අවශ්‍යව ඇත.මෙම කරුනු පිලිබදව අවධානය යොමුකළ විශේෂඥය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  රාජ්‍ය අමාත්‍ය වරියගේ ඉල්ලීමකට අනුව ජලසම්පාදන සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සුභසාධක සංගමය විසින් මෙට්ට ඇද ඇතිරිලි ඇතුලත් උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත. අද උදැසන මිගමුව මහ රෝහල වෙත මෙම පරිත්‍යාග බාරදීම සිදුවිය.

පරිත්‍යාග බාරදීම සංකේතවත් කරමින් රාජ්‍ය අමාත්‍ය වරිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මියට  මෙට්ටතොගයක්  බාරදුන් අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ.

හදිසි ආපදා තත්වය නිසා මීගමුවේ ජනතාවට සේවය කිරීමට  පැමිණෙන රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නවාතැන් පහසුකම් ලබා ගැනීමේ ගැටලුවක් ඇත.මෙයට පිලියමක් ලෙස විශේෂඥය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  රාජ්‍ය අමාත්‍ය වරියගේ ඉල්ලීමකට අනුව රන්වෙල් හෝටලය මගින් පහසුකම් සහිත නිවසක් ලබාදී ඇති අතර එමනිවසේ යතුර රවී ඒකනායක මහතා විසින් රෝහල් අධ්‍යක්ෂ තුමිය වෙත භාරදීමද අද සිදුවූ අතර එම අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 137 posts in දේශපාලනය category
Recommended for you
නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා ගෙන් අභියෝගයක් ?

පුලු වන්නම් බැදුම්කර ගනුදෙනු වෙන් මෙරටට මෙරටේ ජනතාවට වංචාවක් සිදුවී නැතැයි ප්‍රසිදියේ ප්‍රකාශ කරන ලෙස...



150x728


150x728