T 56 ගිනිඅවි සහ බෝම්බ සමග කටුනායකදී තරුණයෙකු අත්අඩංගුවට

මිගමුව නිතිය බලගැන්වීමේ කොට්ටශයටවිසින් T 56 ගිනිඅවි දෙකක්  අත් බෝම්බ ඇතුළු අවි තොගයක් සමග 30 හැවරදි සැකකරුවෙකු  කටුනායක පොලිස් වසමේ කලහුගොඩදී  අත්අඩංගුවට ගෙන ඇත.

කලහුගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනිඅවි ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කරනලද විමර්ශනයකින් අනතුරුව සැකකරු අත් අඩංගුවට  ගෙන ප්‍රශ්න කිරිමේදී ඔහු සන්තකයේ තිබී T56 ගිනිඅවි දෙකක් බෝම්බ 4 ක් T56 සදහා යොදන උණ්ඩ263 ක් රයිපල් උණ්ඩ 25 ක් T56 මැගසින් 2  ක් සහ T 56 ගිනිඅවියක  කොටසක් ද සොයාගෙන ඇත.

මිනුවන්ගොඩ හීනටියන පදිංචි කරුවෙකු වන  සැකකරු ගෙන්  වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ගිනි අවි ගිනිඅවි වරින් වර ගෙනවිත් දී ඇත්තේ ඔහුගේ හිතවතෙකු වන සාමාන්‍ය හමුදා සෙබෙලෙකු විසිනි.

සැකකරු ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා අද දින කටුනායක පොලිස් ස්ථානයට බාරදීමට නියමිතය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් හා  මගපෙන්වීමෙන්  සහකාර පොලිස් අධිකාරී(1) ලලිත් රෝහණ ගමගේ මහතා ගේසහහකාර පොලිස් අධිකාරී(2) පි ජයන්ත අතුකෝරළ  මහතුන්ගේ අධික්‍ෂණයෙන් මිගමුව පොලිස් අධිකාරී කොට්ටාශයේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩි.ආර් ගිහාන්  මනෝහර මහතා  විසින්  විමර්ශන කටයුතු සිදුකල අතර සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,(63188) එච්.එම.චන්දන(7000 ) ධර්මප්‍රිය(25902) සහ අමල්සංජීව (67229 ,) චමිත් (86671)ජයසිංහ,(85214  , ජයසේකර  (15248) යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728