කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද 2020 ජනවාරිමස 20 දින දහවල් 12.00 ට මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව
අද (20) දින සිට ඉදිරි දිනකිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිකොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌවසහ මධ්‍යම පළාත්වලත්වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවේ.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැදපළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ලදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 වැඩි තරමක් තද වැසිදඇතිවිය හැක.
මන්නාරම, පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.