මිගමුව මහනගර සභාවේ කැකිල්ලේ තීන්දු

-

මිගමුව මහනගර සභාවට කිඹුලාපිටිය මාර්ගයෙන් ඇතුළුවීමට ඇති ගේට්ටුව සේවකයනට පමණක් සිමාකිරිම කිසිදු පදනමක් නොමැතිව මහජනයා අසීරුතාවයට පත්කිරීම සදහා ගෙන ඇති තීරණයක් බව මීගමුවේ බදුගෙවන ජනතාව පවසති.

මෙම තීරණය නිසා රාජකාරි අවශ්‍යතා සදහා නගරසහාව වෙත  කුරණ ,බෝලවලාන ,කිබුලාපිටිය පාර, සහ  පන්සල පාර  දෙසින් පැමිණෙන ජනතාවට තෙල්වත්ත හංදිය ආලෝක සඥා පසුකර කොළබ හලාවත පාරට පිවිස හලාවත දෙසට ගමන්කර යලි දකුණට හරවා  කොළබ පාරට මුහුණලා ඇති ගේට්ටුවෙන් ඇතුළු වීමට සිදුව ඇත.

මෙපිලිබදව නාගරික කොමසාරිස් වරයාගෙන් විමසීමක් කල අතර ඔහු පැවසුයේ කිබුලාපිටිය පාරෙන්පැමිණෙන වාහන  තෙල්වත්ත හන්දියේ ඇති ආලෝක සඥා මගහැර  යාම සදහා  මෙම පිවිසුම භාවිතා කරනනිසා ඇතුළුවීම සේවකයන්ට පමණක් සීමාකළ බවයි.

කිඹුලාපිටිය පාරෙන්  පැමිණෙන වාහන  කොළබ දෙසට සහ මිගමුව නගරයදෙසට යාමට ආලෝක සඥා මගහැරනගරසභාව  මැදින් ගමන්කරන බව පැවසීම සම්පුර්ණ අසත්‍යක් බව මෙපිලිබදව අදහස් දැක්වූ හිටපු නගරාධිපතිවරයෙකු පැවසිය.

හලාවත දෙසට යාමට පැමිණෙන වාහන වලට පහසුවෙන්   ආලෝක සඥා අනුව  ගමන්කිරීමට  හැකියාව තිබියදී නගර සභාව හරහා ගමන්කරන බව පැවසීම හාස්‍යට කරුණක් බවද මහජන නියෝජිතයන් ඉවත්කර විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් ක්‍රමයට ඉහල පුටුවලට පත්කලවිට ඔවුන්  තීරණ ගන්නේ ජනතාව ගැනකල්පනා නොකර බවද     හිටපු නගරාධිපති වරයා තවදුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here